සෞදි ඉන්ධන ගබඩා සංකිර්ණ කීපයකට රොකට් ප්‍රහාර

0
සෞදි ඉන්ධන ගබඩා සංකිර්ණ කීපයකට රොකට් ප්‍රහාර

සෞදි ඉන්ධන ගබඩා සංකිර්ණ කීපයකට රොකට් ප්‍රහාර

සෞදියේ ජෙඩා නුවර, සෞදි රජයට අයත් අමාකෝ ප්‍රෙටෝලියම් සමාගමට අයත්, ඉන්ධන ගබඩා සංකිර්ණ කීපයකට රොකට් සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල විය.

ප්‍රහාරවලින් ඉන්ධන ගබඩා පිපිරී ගිනි ගත් බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබේ.ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව යේමනයේ සෞදි විරෝධී හවුති සටන්කාමීන් පවසා තිබේ.

ජෙඩා නුවර අයත් අමාකෝ ප්‍රෙටෝලියම් ගබඩාව ප්‍රහාරයෙන් විනාශ වෙද්දී, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරගාවලියක් ජෙඩා නුවර පැවැත්වීමට සංවිධානය කර තිබුණි. කෙසේ නමුත් ප්‍රහාරය හේතුවෙන් එම ජාත්‍යන්තර තරගාවලිය අවලංගු කිරීමට සිදුවුණු බවද පැවැසෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com