ලංකාවත් ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවට ඇතුලත් වෙයි

Sri Lanka Map Financial Crisis Economic Collapse Market Crash Global Meltdown Vector Illustration.
මෙම වසරේ ගෙවී ගිය මුල් මාස දෙක තුළ ලෝකයේ ඉහළම උද්ධමනයක් වාර්තා කළ රටවල්වලින් 18වන ස්ථානය ලංවට හිමිව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් (23)වැනි දා ලංකාදීප පුවත්පතට හෙළි කර තිබේ.
පසුගිය බෙපරවාරි මස අවසන් වන විට ලෝකයේ රටවල් කිහිපයක උද්ධමන අනුපාතයන්, ඉන්දියාවේ 6.07%යි, භූතානයේ 6.87%යි, පකිස්තානයේ 12.2%යි, බංගලිදේශයේ 6.17%යි, ලංකාවේ 17.5%යි. ආදී ලෙස සටහන් වී තිබිණි. එම පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවකදී මහාචාර්යවරයා මෙම කරුණු හෙළි කර ඇත.
එහිදී ඔහු විශේෂයෙන්ම අවධාරණය කර තිබෙන්නේ “2020න් පසු රජය අනුගමණය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ධමණය ඉහළ ගියේය.” යනුවෙනි.