ගෝඨාභයගේ පාලන කාලය තුළ රු.බි. 1500ක් අච්චු ගහලා – හර්ෂ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු මේ වන තෙක් රුපියල් බිලියන 1500ක මුදලක් මුද්‍රණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.මහබැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සහ ඩොලර් වෙළඳපොළට විකිණීමේ දී මහබැංකුවට යළි ලැබෙන රුපියල්වල එකතුව අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම 42%කින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ව්‍යවහාර මුදල් නෝට්ටු සහ මෙම මුදල් බැංකු පද්ධතිය හරහා ප්‍රසාරණය වීමේ දී ඉතිරිකිරීමේ ගිණුම් වල ඇති මුදල් එකතුව රුපියල් ට්‍රිලියන 7.5 සිට ට්‍රිලියන 10.5 දක්වා වැඩි වී ඇති බවත්, වර්තමානයේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාමට මෙය දැඩිව බලපා තිබෙන බව ඔහු පවසයි.

මාර්තු 15 දින රුපියල් කෝටි 8300ක මුදලක් මුද්‍රණය කළ අතර ඉදිරියේදී මුදල් මුද්‍රණයට අදාළ නිවේදන මහ බැංකුව විසින් නිකුත් නොකර සිටීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *