වෛද්‍ය සාපිට හිමි විය යුතුව සියලුම වැටුප් සහ දීමනා ලබාදෙයි

ගැබිනි මව්වරු වඳ භාවයට පත් කළැයි චෝදනා මත සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට (23)වැනි දා දැනුම් දී තිබේ.
මෙම දැනුම් දීම සිදු කරනු ලැබ ඇත්තේ නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන විසිනි.
මෙම කරුණු ඉදිරිපත් වී ඇත්තේ, තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුවගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැණි.