පාර්ලිමේන්තුවේ 2/3 එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් කැඳවන්න – සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මාර්තු 15 වැනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් මගින් ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් නැත. ජනාධිපතිවරයාගේ ධුරය හිස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දෑ අතරින් මේ වනවිට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වලංගුව පවතින්නේ අවස්ථා තුනක් පමණය.

ඒ ජනාධිපතිවරයාගේ මිය යෑම, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් මගින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වන බවට කරන දැනුම් දීම හා දෝෂාභියෝගයක් මගින් ඔහුව ධුරයෙන් ඉවත් කිරීම යන අවස්ථා තුන පමණය.

මේ අවස්ථා කිසිවක් තුනෙන් දෙකේ ඡන්දයකින් ජනාධිපතිවරණයක් කැඳවීමට අදාළ වන්නේ නැත.

ඉහත සඳහන් කළ අවස්ථාවන්ද, ජනාධිපතිවරයාගේ ධුරය හිස්වීම සම්බන්ධයෙන් සඳහන් නොකළ අවස්ථාවන් එළඹීමෙන් පසු ජනාධිපති ධුරය පිරවීම සම්බන්ධ ඊළඟ ප්‍රතිපාදනය වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම කැමැත්ත ලබා ගන්නා තැනැත්තා ජනාධිපති ධුරයට පත්වන බවයි. ඒද ධුරය දැරූ ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *