ආණ්ඩුව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් ඉල්ලයි

ආණ්ඩුව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් ඉල්ලයි

ආණ්ඩුව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇති බව කොළඹ සිටින චීන තානාපති චී ෂෙන්හොන් මහතා සදහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම ණය පහසුකම ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක මුදලක් හා භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් බිලියන එකහමාරක ණය පහසුකමක් ලෙස බවයි. කෙසේ වෙතත් එම ඉල්ලීම පිළිබඳව සලකා බලමින් සිටින බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය ඉතා හොඳ මිතුරන් බවත් අර්බුදකාරී අවස්ථාවක චීනය මිතුරන් අත් නොහරින බවත් හෙතෙම පැවසීය. දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුමෙන් චීනය වැඩි වාසි ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවද හෙතෙම එහිදී කීය.

කෙසේවෙතත් මෙහිදී මාධ්‍යවේදීන් මෙම ණ්‍ය මුදලට අදාළ කොන්දේසි පිළිබද දිගින් දිගටම ප්‍රශ්න කළත් ඊට චීන තානාපතිවරයා පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *