යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය රුසියාව සමඟ සිදුකරන අගහරු මෙහෙයුම අත්හිටුවයි

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය රුසියාව සමඟ සිදුකරන අගහරු මෙහෙයුම අත්හිටුවයි

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය රුසියාව සමඟ සිදුකරන අගහරු මෙහෙයුම අත්හිටුවයි

රුසියාව සමඟ එක්ව සිදුකරන අගහරු මෙහෙයුම අත්හිටුවීමට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය තීරණය කර තිබෙනවා.

රුසියා යුක්‍රේන අර්බුද හමුවේ මිනිස් ජීවිතවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. රුසියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම නතර කළද අගහරු මෙහෙයුම් වැඩසටහන නාමිකව ක්‍රියාත්මක වන බව ඔවුන් පවසනවා.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මෙවැනි තීරණයක් ගනු ලැබුවද නාසා සහ යුරෝපා ගගනගාමීන් 5 දෙනෙකු සමග රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු මේ වන විටත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිය මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *