නිවසේ උඩු මහලේ කංසා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අම්පාරෙහි නිවසේ තබාගෙන කංසා පැළ වගා කළ පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමන්තුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මලයඩි ග්‍රාමයේ නිවසක තුන්වන මහලේ කංසා පැළෑටි වගා කළ පුද්ගලයෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද දහවල් අදාළ නිවස වැටලූ පොලිස් නිලධාරීන් ඉහළ මහලේ මල් පැළ සමඟ වගා කළ කංසා පැළය සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කංසා පැළ දෙකක් සොයාගෙන ඇති අතර අවුරුදු 33ක් වයසැති නිවසේ හිමිකරුව ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීසිය තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *