ඉන්ධන ප්‍රශ්න විසඳීම සඳහා කෝප්(COPE) කමිටුවෙන් නිර්දේශ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ඉන්ධන ප්‍රශ්න විසඳීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ මාලාවක් අලුතින් ලබාදී ඇත.

ජනතාවට හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කටයුතු විධිමත් කිරීම මෙම නිර්දේශ මාලාව ලබාදීමේ තවත් අරමුණක් බව කෝප් කමිටුව පවසයි.

මේ යටතේ ඉන්ධන නැව් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීම ඉදිරියේදී අඩු කරගන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර ඇත. මේ අතර මෙරට ඛනිජ තෙල් සදහා පවතින අවශ්‍යතාව සහ ඛනිජ තෙල් මෙරටට ගෙන්වා ගැනීමට ගතවන කාලය ආදිය පිළිබඳව විද්‍යානුකූල අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාවද එම කමිටුව පෙන්වාදී ඇත. එවැනි යාන්ත්‍රණයක් සඳහා සැලසුමක් නැති අවස්ථාවක විවිධ දූෂණ වංචා සිදුවීමට වැඩි ප්‍රවණතාවයක් ඇතිවන බව කෝප් කමිටුව පෙන්වා දෙයි.

ඉන්ධන ප්‍රවාහනයේදී විවිධ හේතූ නිසා නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව පවසන කෝප් කමිටුව නළ මාර්ග අවහිරවීම් වැනි හේතු නිසාද එවැනි ප්‍රමාදයන් සිදුවන බව සඳහන් කරයි.

ඉන්ධන නැව් සඳහා 2018 වර්ෂයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක ප්‍රමාද ගාස්තු ගෙවා ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. 2019 වර්ෂයේදී ඉන්ධන නැව් සඳහා ගෙවා ඇතැයි පැවසෙන ප්‍රමාද ගාස්තුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකකි.
ඉන්ධන නැව් සඳහා ප්‍රමාද ගාස්තු 2020 වසරේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂයකින් පමණ අඩු කරගත් බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය කෝප් කමිටුවට පැවසුවාය.

මේ අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙසටද කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

ඛනිජ තෙල් සම්බන්ධ දත්ත හා ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම සඳහා මැදිහත්වීමට ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙසටද කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

ඉන්ධන ආරක්ෂිත තොග පවත්වාගෙන යෑම සඳහා ටැංකි ධාරිතාව වැඩි කරන ලෙසද කෝප් කමිටුව දැනුම්දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *