අය කර ගැනීමට ඇති හිඟ ජල බිල්පත් ප්‍රමාණය රු. බිලියන 6ක්; නොගෙවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 50ට දැනුම්දීමක්

මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

රුපියල් බිලියන 6 කට අධික වටිනාකමින් යුතු හිඟ ජල බිල්පත් ප්‍රමාණයක් අය කර ගැනීමට ඇතැයි ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැරි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 50 දෙනෙකුට අධික පිරිසකට තමා ලිපි මගින් ජල බිල්පත් ගෙවන්නැයි දැනුවත් කර ඇති බවයි.

මාස 6 කට වැඩි කාලයක් ජල බිල් නොගෙවන පාරිභෝගිකයින්ගේ ජල සබඳතාව විසන්ධි කිරීමටද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් ජල ගාස්තු ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *