2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයේ කැරොලිනා බිව්ලෙස්කාට

2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයේ කැරොලිනා බිව්ලෙස්කාට
පෝලන්තයේ කැරොලිනා බිව්ලෙස්කා 2021 ලෝක රූ රැජින කිරුළ දිනාගෙන තිබෙනවා.
ඒ පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් හි පැවති 70 වන ලෝක රූ රැජින තරඟාවලියේදීයි. මුලින් 2021 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය තරඟකාරියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කල් දැමීමට සිදුවුණා. Puerto Rico Philharmonic වාද්‍ය වෘන්දයේ සංගීතය සමඟින් ලෝක රූ රැජින අවසන් පූර්ව වටයට පැමිණි ක්‍රීඩිකාවන් 40 දෙනෙක් වේදිකාවට පැමිණ සිටියා.
හැඟීම්බර වූ කැරොලිනා බිව්ලෙස්කා 2020 ලෝක රූ රැජින වූ Tony-An Singh වෙතින් ඇගේ කිරුළ ලබා ගත්තා.
දෙවන ස්ථානය අමෙරිකාවේ ශ්‍රී සයිනිට හිමි වූ අතර තෙවන අයිවරි කෝස්ට්හි ඔලිවියා යාස් වෙත හිමිවුණා.
ලෝක රූ රැජිණ අධ්‍යක්ෂක Angel Velez විසින් මෙවර මෙහෙයවීම් කටයුතු සිදුවුණා.