කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගීතාවක් ඇති කිරීමට Lankan Square නමින් වෙබ් අඩවියක්

කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගීතාවක් ඇති කිරීමට Lankan Square නමින් වෙබ් අඩවියක්

කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගීතාවක් ඇති කිරීමට Lankan Square නමින් වෙබ් අඩවියක්

කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහයෝගීව එකමුතු කරමින් ඔවුන් අතර මනා සම්බන්ධයක් ඇති කිරීමේ දිගුකාලීන අරමුණින් Lankan Square වෙබ් අඩවිය ආරම්භ කර තිබේ.

වර්තමානයේ කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් රැසක් ජීවත් වන අතර ඔවුන් අතර ආර්ථික සංස්කෘතික අධ්‍යාපනික සහ විනෝදාත්මක සහයෝගීතාවක් ඇති කිරීමට අදාළ කටයුතු රැසක් කිරීමට Lankan Square සූදානම්ය. කැනඩාවේ වෙසෙන ව්‍යවසායකයින් දෙදෙනෙකු වන චනුක විජේසුන්දර සහ කමාජ් සිල්වා මෙහි පුරෝගාමියෝ වෙති. මීට සමගාමීව අරඹන www.LankanSquare.com වෙත පිවිසීමෙන් ශ්‍රී ලාංකිකයින් කැනඩාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපාර හා ආගමික වැඩසටහන් සංගීත සංදර්ශන උත්සව සම්මන්ත්‍රණ හා වැඩමුළු ආදිය පිළිබඳ තොරතුරු එකම තැනකින් ගැනීමට හැකියාව ඇත.

මීට පෙර කැනඩාව තුළ විසිරුණු ශ්‍රීලාංකික කණ්ඩායම් විවිධ කටයුතු සංවිධාන කළත් ඒවා පිළිබඳ නිසි දැනුම්වත් කිරීමක් සහ ප්‍රවාරණයක් වූයේ අවම වශයෙනි. එසේම කලාත්මක සහ අධ්‍යාපනික තොරතුරු පළ කිරීම සදහා www.lankanmagazine.com නමින් වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ. ඒ ඔස්සේ ශ්‍රී ලාංකිකයන් සංවිධාන කරන වැඩසටහන්වල ටිකට් ඔන්ලයින් ක්‍රමයට මිලට ගත හැකිය. “ඕනෑම ජන ප්‍රජාවක් අතර එකමුතුභාවයක් සහ දැනුවයක් ඇති වෙනවා නම් ඔවුන්ට කළ නොහැකි දෙයක් නැහැ. ඉතා කෙටි කාලයකින් අපට විශාල ප්‍රතිචාරයක් ලැබුණා.” සම නිර්මාතෘ, තොරතුරු තාක්ෂණික ව්‍යවසායක චනුක විජේසුන්දර මහතා පැවසීය.

“කැනඩාවේ. ශ්‍රී ලාංකිකයන් විවිධ ව්‍යාපාර රැසක නියැළනවා. මේ ව්‍යාපාර පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැනුවත් කරමින් ඔවුන් අතර සම්බන්ධතා නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණක්. ශ්‍රී ලංකීය නාමය ලෝකය ඉදිරියට ගෙන යන්න Lankan Square සමග එකතු වෙන්න කියා මම ශ්‍රී ලාංකිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.” සම නිර්මාතෘ, සංගීතඥ, ව්‍යවසායක කමාෂ් සිල්වා මහතා පැවසීය. මේ සංකල්පය ශ්‍රී ලාංකිකයන් වෙසෙන අනෙක් රටවලට ද ව්‍යාප්ත කර දැවැන්ත බලපෑමක් කිරීමට Lankan Square සූදානම්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *