රුසියාවට ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නියෝගයක්

රුසියාවට ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නියෝගයක්
යුක්රේනයට එරෙහි ප්‍රහාර නවතා දමන ලෙස රුසියාවට ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
යුක්රේනයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගය නවතා දමන ලෙස නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණය රුසියාවට දැනුම් දී තිබෙනවා. පසුගිය 07 වනදා සිදු කරන ලද සමූල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යුක්රේනය කළ චෝදනාවකට අනුව හේග් අපරාධ අධිකරණය රුසියාවට මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.