සංවිධානාත්මකව රන් මාල කඩන කල්ලියක් අත්අඩංගුවට

රු. මිලියන 130ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග තරුණියක් අත්අඩංගුවට

රු. මිලියන 130ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග තරුණියක් අත්අඩංගුවට

යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන් තිදෙනකු ඇතුලු හය දෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනකු කාන්තාවන් බවත්, සැකකරුවන් කොල්ල කෑ රන් මාල එම සැකකාරිය විසින් විවිධ ප්‍රදේශ වෙත අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවද, රාගම පොල්හේන ප්‍රදේශයේ සැකකටයුතු යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙන් (16) අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම රන්මාල කොල්ල කෑම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කරගත් බවද පොලිසිය කියයි.

මෙම කණ්ඩායම ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම කල්ලියට සම්බන්ධසැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සොරබඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් සෙසු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් රාගම, කඳාන, ජා ඇල, බටුවත්ත, යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මොවුන් රාගම, වත්තල, ජා ඇල, යන පොලිස් වසම් වල සිදුව ඇති රන් මාල කොල්ල කෑම් 9ට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය කියයි.

ජීව අත්බෝම්බය ළග තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුට තවත් රන් මාල කැඩීමේ සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් මහර, ගම්පහ, වැලිසර හා මීගමුව යන අධිකරණ වල නඩු විභාග වන බවද පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *