මිය ගිය මවගේ දේහයට මිනීපෙට්ටිය ගැනීම සඳහා මුදල් සොයා හිඟමනේ ගිය දියණිය

මිය ගිය තම මවගේ දේහයට මිනීපෙට්ටිය ගැනීම සඳහා මුදල් සොයා හිඟමනේ ගිය කාන්තාවක් සම්බන්ධයෙන් ජාඇල දේවාලේගම පොලිස් වසමෙන් වාර්තාවෙයි.

දින දෙක තුනකට ඉහතදී නිවසේ දී මියගිය මවගේ දේහය රෙදි කැබැල්ලකින් වසා ලාම්පුවක් ඒ අසල දල්වා දොරගුළු දමා වසා ඇය මුදල් සොයා ගැනීමට ගොස් ඇතැයි පොලිසිය කියා සිටී. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි තිදරු මවකි.

බාල දියණිය පමණක් මව සමග අවිවාහකව ජීවත් වී ඇති අතර ඔවුන් කුලී වැඩ කර උපයාගන්නා මුදලින් මව රැක බලා ගෙන තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *