සංගීත පුටු තරගයක් සේ බෙහෙත් නැතැයි නැතැයි පවසන පිරිසක් බිහිවී තිබෙනවා – චන්න ජයසුමන

හිටපු අමාත්‍ය චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝගයක්

මෙරටට ගෙනැවිත් ගබඩා කර ඇති ඖෂධ අනුව ඖෂධ හිඟයක් මේ මොහොතේ කිසිසේත් ඇති නොවන බවත් සමහරු ඖෂධ සමග දේශපාලනය කරමින් මාධ්‍ය මගින් මුහුණ දමාගෙන බෙහෙත් නෑ බෙහෙත් නැහැ කියමින් ප්‍රසිද්ධිය ලබා ගන්න උත්සාහ කරන බවත් ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ(15) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී සේලයින් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේ උත්සවයකදීය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සංගීත පුටු තරගයක් සේ බෙහෙත් නැතැයි නැතැයි පවසන පිරිසක් බිහිවී තිබෙනවා. වෘත්තීය සමිතියක් ලෙස හදාගත්තු ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් යැයි කියාගන්නා පිරිසක් මටත් ලියුම් එවා තිබුණා. රාජ්‍ය ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග පිළිබඳ විවේචනය කරමින් ඒ ගැන මාධ්‍ය මගින් කතා කරනු ලැබු පුද්ගලයන් පිරිසක් දැන් ඖෂධ හිඟයක් ඇති බව පවසනවා. රටේ නැති ඖෂධ පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් අමාත්‍යාංශය ක්‍රියා කරනවා. බෙහෙත් නැතැයි මාධ්‍ය මගින් සමහරු පවසමින් යනකොට ජනතාව කල්පනා කරනවා ඇත්තටම බෙහෙත් නැතිද කියලා, ඉතින් බොහෝ අය බෙහෙත් වැඩිපුර රැස් කරකර ගැනීමට උත්සහ කරනවා.

නමුත් ඖෂධ රැස් කර ගබඩා කර ගැනීමට නියමිත ප්‍රමිතියක් තිබෙනවා. ඔසුසල්වල තිබෙන බෙහෙත් මාස හයකට පමණ ගෙදර ගෙනගොස් ගබඩා කරගෙන තිබීමෙන් එම බෙහෙත්වල ගුණය නැති වෙනවා.

එම නිසා ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මාස 6කට අවුරුද්දකට පමණ බෙහෙත් ගෙනගොස් ගෙදර තබා ගැනීමේන් වළකින්න. එසේ ගබඩා කිරීමෙන් බෙහෙත් වලින් ලැබෙන ජීව ගුණය මෙන්ම එහි ප්‍රතිඵලය අහිමි වෙන්නට පුළුවන්. රටේ ඖෂධ ප්‍රශ්නයක් ඇති නොවීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව උපරිම ධාරිතාවකින් නිෂ්පාදන කටයුතු කරනවා. සංස්ථාව මාසයකට මිලියන හැටක් පමණ පැරසිටමෝල් පමණක් නිෂ්පාදනය කරනු ලබනවා. එලෙස අනෙකුත් ඖෂධ උපරිම ලෙස නිෂ්පාදනය කරන්නත් කටයුතු කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *