පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න – ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීමේ කටයුත්ත දෙමවුපියන් මත පැටවීමට ගෙන තිබෙන තීරණය වහාම අවලංගු කර රටේ අනවශ්‍ය වියදම් නවතා දමා අදාළ මුදල් ජල බිල්පත් ගෙවීමට යොදවන ලෙස ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් ජල සම්බන්ධතා සහිත පාසල් වෙනුවෙන් මාසයකට රුපියල් කෝටියකට අධික මුදලක් දෙමවුපියන්ට ගෙවීමට සිදුවන බවද එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. පවතින ආර්ථික අර්බුදය මත දෙමවුපියන්ගෙන් ජල බිල්පත්වලට මුදල් එකතු කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත්, දුප්පත් පවුල්වල සමහර සිසුන්ට උදේ ආහාරය නොමැති වූ විට බඩගින්න නිවා ගනු ලබන්නේ පාසලේ ජල කරාමයෙන් පානය කරන ජලයෙන් බවත් ඒ මහතා පවසා සිටියේය.

දෙමවුපියන් විසින් ජල බිල්පත් ගෙවිය යුතු බවට සඳහන් තීරණය ක්‍රියාත්මක වුවහොත් මේ වසරේ ජනවාරි මාසයේ සිට අදාළ බිල්පත්වලට මුදල් ගෙවීමට ජනතාවට සිදුවන බවත්, මෙතෙක් ජල බිල්පත් ගෙවීම් කටයුතු මහා භාණ්ඩාගාරය විසින් සිදුකළ බවද ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය. මේ නිසා අඛන්ඩව පාසල ජල බිල්පත් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සිදුකළ යුතු බවත්, ඒ සදහා මුදල් සොයා ගැනීමට නොහැකි නම් රට තුළ සිදුකරන අනවශ්‍ය වියදම් නවතා දමා අදාළ මුදල් සොයාගත යුතු බවත් හෙතෙම පවසා සිටියේය. එසේම 05/2015 චක්‍රලේඛය හරහා පාසල් කටයුතු සදභා දෙමවුපියන්ගෙන් විශාල ලෙස මුදල් අය කර ගනිමින් සිටින බවත්, මෙම මුදල් ගෙවීමේදීත් දෙමවුපියන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත් ප්‍රකාශ කළ ලේකම්වරයා, එවන් තත්වයන් තුළ ජල බිල්පත් ගෙවීමට සිදු වුවහොත් දෙමවුපියන් දැඩි ලෙස අසරණ තත්වයට පත්වන බවද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *