ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1000ක් – විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1000ක් - විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1000ක් - විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

මෙම වසර අවසානයේ දී ජාතික විදුලිබල පද්ධතියට විදුලිය මෙගාවොට් 1000ක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.

කැළණිතිස්ස විදුලි බලාගාරය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (14) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. බලපා ඇති විදුලි අර්බුදය මඟහරවා ගැනීම වෙනුවෙන් කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි ඇය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර පවතින විදුලිබල අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස විශාල වශයෙන් අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනයට කටයුතු කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ප්‍රමුඛ කමිටුවක් පත් කර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද විදුලිබල අමාත්‍යවරිය සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *