අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත රටට ගෙන්වීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත රටට ගෙන්වීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත රටට ගෙන්වීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අපනයනය කරන ලද සියලු භාණ්ඩ සහ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සේවාවලට අදාළ අපනයන ඉපැයීම් අදාළ භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180 ක් ඇතුළත මෙරටට ගෙන්වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින්. 1949 මුදල් නීති පනත යටතේ එම රීති සකස් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ 2022 අංක 1 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ලෙසයි.

නව රීතියට අනුව භාණ්ඩ හෝ සේවා අපනයනය සම්බන්ධයෙන් වන සියලුම අපනයන ඉපැයීම් ලද විගස සියලු අපනයන ඉපැයීම් ලැබීම්වලට අදාළ සියලු ලේඛණගත සාක්ෂි එම මුදල් ලබන්නා වූ මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට හෝ අවසර ලත් බලපත්‍ර ලාභී විශේෂ බැංකුවකට නොපමාව ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම අපනයනකරුවෙකුම මාසයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව ශේෂය එළඹෙන මාසයේ 07 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන්ම පරිවර්ථනය කළ යුතු බවටයි එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *