“පාස්කු ප්‍රහාරය : මේක මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක්” – කාදිනල් හිමියෝ මානව හිමිකම් සැසියේදී පවසයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය අමතමින් ඉල්ලීමක් කර තිබේ.

එහිදී උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරය හුදෙක් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැකයක් පැවති බවත් පසුව සිදු කළ විමර්ශනවලදී මෙය දේශපාලන මහා කුමන්ත්‍රණයක කොටසක් බවට සැකයක් අනාවරණය වූ බවත්, තමන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක්ද වින්දිතයින් හට යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එය එලෙස සිදු කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇති බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

එමෙන්ම ප්‍රහාරය සිදු වී වසර තුනක් ගත වූව ද නිසැකවම සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කවුරුත් නොදන්නා බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සාමාජික රටවල් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස් කිරීම තවදුරටත් කරගෙන යන ලෙසටත්, එමෙන්ම මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහිතක කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහයෝගය ද ලබා දෙන මෙන් උන් වහන්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය අමතමින් ඉල්ලා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *