ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට

0
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (08) දැනුම් දුන්නේය.

එසේම එම පනත් කෙටුම්පතේ 12 වෙනි වගන්තියේ 26(2) ඡේදය පවත්නා ස්වරූපයෙන් සලකන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනුකූල නොවනු ඇතැයිද දැනුම්දී ඇති බව කතානායකවරයා කිවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති මතය ප්‍රකාශයට පත් කරමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com