මහනුවර සිට ඇල්ල දක්වා නව සංචාරක දුම්රිය සේවාවක්

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් (5)වැනි දා සිට ධාවන කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 පිටත්ව දෙමෝදර දුම්රිය ස්ථානයට පස්වරු 2.20 ට ළගා වන බවත් එම දුම්රිය නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹා රාත්‍රී 9.35 ට මහනුවරට ළගා වන බවත් එම ගමන අතරතුරදී දුම්රිය දියඇලි, කඳුපන්ති ඇතුළු අලංකාර ස්ථාන රැසක දුම්රිය විනාඩි කීපයක් නවතා තබන බවත් සෙනෙවිරත්න මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *