ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට මරණ තර්ජන

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පකිස්ථානයට යාමට සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇෂ්ටර් ඒගාර් හට මරණ තර්ජන ඇතුළත් කෙටි පණිවුඩයක් ඔහුගේ බිරිඳ වන මැඩලෙයින් වෙත එවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයට මෙම තර්ජනය එවා ඇත්තේ, සමාජ මාධ්‍ය හරහා ය. මේ පිළිබඳව ඇය ඔස්ට්‍රේලියා සහ පකිස්ථාන ක්‍රිකට් ආයතනවලට මෙන් ම ආරක්ෂක ඒජන්සිවලට ද දැනුම් දී තිබේ.

“ඔබේ සැමියා පකිස්ථානයට පැමිණියහොත් ඔබේ දරුවන්ට පියෙකු අහිමි වනු ඇත. අපේ ස්නයිපර්වරුන් ඔහුගේ හිසට වෙඩි තබනු ඇත,” යනුවෙන් එම පණිවුඩයෙහි සඳහන් කර තිබිණි.

“මේක ඔබේ සැමියාට කරන අනතුරු ඇඟවීමක්. ඔහු පකිස්ථානයට ආවොත් පණ පිටින් යවන්නෙ නෑ,” යනුවෙන් ද එහි සඳහන් වී තිබුණු බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සංචාරයක නිරත වන්නේ, වසර 24කට පසුව ය.

මෙම තරගාවලිය ටෙස්ට් තරග 3කින්, එක්දින තරග 3කින් සහ T20 තරගයකින් සමන්විත ය.‍

ඒ සඳහා ආරක්ෂාව සැලසීමට පොලිස් භටයින් 4000කට ආසන්න පිරිසක් අනුයුක්ත කර තිබේ.

2009 වසරේදී පකිස්ථානයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හිදී වෙඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *