Anonymous හැකර්වරුන් රුසියාවට එරෙහිව සයිබර් යුද්ධයක
නිර්නාමික (Anonymous) ලෙස හඳුන්වන අන්තර්ජාල ‘හැකර්‘ කණ්ඩායම ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ රුසියානු රජයට එරෙහිව සයිබර් යුද්ධයක යෙදෙමින් යුක්‍රේන-රුසියානු ගැටුමට අවතීර්ණව තිබේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, මිලියන 7.4ක් අනුගාමිකයින් සහ 190,000කට ආසන්න ට්වීට් ප්‍රමාණයක් සහිත “Anonymous” නම් ගිණුමින් ට්විටර් සටහනක් යොදා ඇති අතර සටන වෙනුවෙන් රුසියාව ඉලක්ක කර ගැනීමට ලොව පුරා හැකර්වරුන් කැඳවා ඇත.
ඉන් පසු දින කිහිපය තුළ, රුසියානු තෙල් දැවැන්තයා වන Gazprom, රාජ්‍ය පාලිත රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය RT සහ ක්‍රෙම්ලිනයේ නිල වෙබ් අඩවිය ඇතුළු රුසියානු සහ බෙලාරුසියානු රජයේ ආයතන ගණනාවකට අයත් වෙබ් අඩවි අක්‍රීය කිරීමට ඔවුන් කටයුතුකර තිබේ.
රුසියානු අන්තර්ජාල සේවා සපයන්නන් කඩාකප්පල් කිරීම, බෙලාරුසියානු ආයුධ නිෂ්පාදකයා වන Tetraedrට අයත් ලිපි ලේඛන සහ ඊමේල් කාන්දු කිරීම සහ රුසියානු විදුලි සංදේශ සේවාව Tvingo Telecom විසින් සපයන ලද ගෑස් සැපයුම වසා දැමීම වැනි කටයුතු සිදුකරන්නටද මෙම හැකර්වරුන් සමත් විය.
පෙබරවාරි 28 දින ප්‍රකාශයට පත් කරන ලද RT පිළිබඳ ලිපියකින් තහවුරු වූයේ එහිම වෙබ් අඩවිය මෙන්ම ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියද පසුගිය සිකුරාදා Anonymous විසින් වසා දමා ඇති බවයි. මෙම කණ්ඩායම සඳුදා අනෙකුත් රුසියානු සහ බෙලාරුසියානු මාධ්‍ය ආයතන ඉලක්ක කර ඔවුන්ගේ ප්‍රධාන පිටු “යුද්ධය නවත්වන්න” යන පණිවිඩය සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති බවද ලිපියේ සඳහන් විය.
රුසියාව දැනටමත් යුක්රේනය සමඟ සයිබර් යුද්ධයේ තමන්ගේම අනුවාදයක නිරත වන බව විශ්වාස කෙරේ. රොයිටර් පුවත් සේවයට අනුව, පසුගිය සතියේ විනාශකාරී “දත්ත අතුගා දැමීමේ” මෘදුකාංගය යුක්රේන රජයේ ආයතනවලට සහ මූල්‍ය ආයතනවලට පහර දුන්නේය. ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ රුසියාව මේවා ගැන කිසිදු සම්බන්ධයක් නැතැයි කියමින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
පසුගිය සතියේ යුක්රේනයේ රජයේ වෙබ් අඩවි කිහිපයක් සේවා ප්‍රතික්ෂේප කිරීම හෝ “DDoS” ප්‍රහාර හේතුවෙන් වසා දැමූ බව රොයිටර් වාර්තා කරයි. රුසියාව ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳාගත් 2014 වසරේ සිට යුක්රේනය ඩිජිටල් ප්‍රහාරවලට ලක්ව ඇති බව එහි සඳහන් වේ.
Anonymous පිටුපස සිටින අයගේ අනන්‍යතාව බොහෝ දුරට නොදනී. ට්විටර් ගිණුමේ අමුණා ඇති පණිවිඩයක සඳහන් වන්නේ ඔවුන් “මනුෂ්‍යත්වයට වඩා හොඳ අනාගතයක් සොයන කම්කරු පන්තියේ මිනිසුන් බවයි. ඔවුන් මූලික මූලධර්ම කිහිපයකට එකඟ වේ: තොරතුරු දැනගැනීමේ නිදහස, භාෂණයේ නිදහස, සමාගම් සහ රජයන් සඳහා වගවීම මෙන්ම පෞද්ගලිකත්වයයි.