ඉන්ධන ඇති පිරවුම්හළක් පිළිබඳව තොරතුරක් දැනගත්තේ යුධ හමුදාපතිවරයාගෙන් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

ව්‍යවස්ථාවට අනුව අරගල කරන්න බැ; තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කරන්න බැ - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ව්‍යවස්ථාවට අනුව අරගල කරන්න බැ; තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කරන්න බැ - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

තම වාහනයට ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන ඇති පිරවුම්හළක් පිළිබඳව තොරතුරක් දැනගත්තේ යුධ හමුදාපතිවරයාගෙන් බව සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මහජන හමුවකදී අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සඳහන් කළේ තම වාහනයට ඩීසල් ලබා ගැනීමට තම ආරක්ෂකයන්ට සහ පොලිසියේ නිලධාරීන්ට කොළඹ පුරා ඉන්ධනහල් පීරා සෙවීමට සිදුවූ බවත් නැති තැන තමන් යුධ හමුදාපතිවරයාට අමතා ඉන්ධන ඇති පිරවුම්හළක් පිළිබඳව අසා එයින් ඉන්ධන ලබා ගත් බවත්ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා සඳහන් කළේ පසුගිය කාලය තුළ රටට දේශපාලකයන් විසින් සිදු කරන ලද විනාශය දැන් හෙළිදරව් වී ඇති බවය.

“රටේ පවතින ප්‍රශ්න සඟවාගෙන සියල්ල අවභාවිත කරමින් මෙය විනාශය වන තෙක් කටයුතු කළා. ජනතාව මේ දිහා ඇස් ඇරල බැලුවේ නැහැ. ඒ ඔවුන්ට අවශ්‍ය මූලික අව්‍යතා ආණ්ඩුවෙන් සැපිරුණු නිසා. නමුත් දැන් ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම්වත් දෙන්න බැරි තත්ත්වයට පත්වෙලා. දැන් තමයි ජනතාවටත් ඇත්ත පෙනෙන්න පටන් අරන් තිබෙන්නේ. “

අද වනවිට රට පුරා සෑම තැනකම ඩීසල් නොමැති වීම හේතුවෙන් බස් ධාවනය සෙසු කර්මාන්ත සහ ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රවාහන සේවා සියල්ල අඩාල වී ඇති බවද ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *