නයිටිංගේල් ප්‍රතිඥාව දුන් හෙද හෙදියන් 153 දෙනෙකුට තිලිණ ප්‍රදානය කරයි

කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25)වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය සිහිපත් කරමින් ඇයගේ පිළිරුවට උපහාර පුද කරමින් ඇරඹි මෙම උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා අතින් 2018 සිසු හෙද කණ්ඩායමේ පළමු වසර විභාගයෙන් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් සිසුවියන් තිදෙනා වන එස්.ඒ.ඩී.එම් සුභසිංහ, ඒ.එස්.වීරසිංහ, කේ.ඩී.සී පියුමිකා විශේෂ තිලිණ ලබා ගත්හ
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.ඩී.බී හේරත්, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි පී.ජේ මාරියම්පිල්ලෙ, හෙද සභාවේ රෙජිස්ටාර් එම්.එම්.ඩබ්ලිව් හේරත් මහත්ම මහත්මීහු ඇතුළු කොළඹ හෙද විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන්, සිසු සිසුවියන් සහ දෙමාපියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.