ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වතාවට සාමාන්‍ය කාල සටහනක් යටතේ සංචාරක සේවා දුම්රියක්

රාජ්‍ය ආයතන කිහිපයකටම නව ප්‍රධානීන්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වතාවට සාමාන්‍ය කාල සටහනක් යටතේ සංචාරක සේවා දුම්රියක්

උඩරට සිරි නැරඹීම සඳහා විශේෂ මඟී දුම්රියක් මාර්තු මස 4 වෙනිදා සිට මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කීය.

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ සාමාන්‍ය කාල සටහනක් යටතේ සංචාරක සේවා දුම්රියක් ධාවනයට එක් කෙරෙන්නේ ප්‍රථම වතාවට බවද ඔහු පැවසීය.

මේ දුම්රිය ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථානය, එල්ජින් දිය ඇල්ල, මුහුදු මට්ටමෙන් උසම ස්ථානය (පට්ටිපොළ SUMMIT LEVEL) ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, දෙමෝදර ආරුක්කු පාලම, දෙමෝදර පාලම හා බිම්ගෙය, හා විශේෂ බිම්ගෙවල් කිහිපයක් අසල නවත්වනු ලබන බවද ඔහු කීය. එම ස්ථානවල දුම්රිය විනාඩි 15ක් පමණ නවත්වා එහි සිරි නැරැඹීමට අවස්ථාව ලබා දෙනු ඇත. සංචාරකයන් හා මඟීන් වැඩි දුම්රිය ස්ථාන කිහිපයක පමණක් දුම්රිය නවත්වනු ඇත.

දිනපතා පෙරවරු 7.00ට මහනුවරින් ධාවනය අරඹන එය පස්වරු 2.45 දෙමෝදරට ළඟා වන අතර දිනපතා පස්වරු 3.40 දෙමෝදරින් ගමන් අරඹා රාත්‍රී 9.35 මහනුවරට ළඟා වනු ඇත.

– silumina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *