දියර කිරි ලීටරයක් වෙනුවෙන් රු 100ක මිලක්

දියර කිරි ලීටරයක් වෙනුවෙන් රු 100ක මිලක්

දියර කිරි ලීටරයක් වෙනුවෙන් රු 100ක මිලක්

ශ්‍රී ලංකාවේ සමස්ත කිරි ගොවීන් ගණන 198,000 කි. කිරි ගොවියාට උපරිම මිලක් ලබා දීමේ අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමුව තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පෙබරවාරි 25 වැනි සිකුරාදා නාරාහේන්පිට මිල්කෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී කිරි මිලදී ගැනීමේදී ඇති මිල විෂමතාවය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව දියර කිරි ලීටරයක් වෙනුවෙන් රුපියල් 100ක මිලක් ලබා දීමට තීරණය කර ඇත. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවට මිල්කෝ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරාද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *