ස්විට්සර්ලන්තය අසාදු ලේඛන ගත කළ යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

ස්විට්සර්ලන්තය අසාදු ලේඛන ගත කළ යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

ස්විට්සර්ලන්තය අසාදු ලේඛන ගත කළ යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති ස්විට්සර්ලන්තයේ බැංකු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ස්විට්සර්ලන්තය එම කාරනාව පිළිබද අසාදු ලේඛනයට ඇතුළත් කළ යුතුව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි. එම පාර්ලිමේන්තුවේ විශාලතම දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන යුරෝපියානු මහජන පක්ෂය (EPP) මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගියදා හෙළිදරව් වුණු Credit Suisse බයකුන්වෙහි රහසිගත ලිපිගොනුවල ඇතුළත් මුදල් විශුද්ධිකරණය සහ රහසිගත බැංකු ගනුදෙනු ඇතුළු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ තීරණය ගත යුතු බව එම පක්ෂය සඳහන් කරයි. මෙම Credit Suisse බැංකුව මගින් ලොව දේශපාලනඥයන්, බුද්ධි අංශ ප්‍රධානීන්, මානව හිමිකම් කඩකරන් මෙන්ම විවිධ සම්බාධකවලට ලක්වූ පුද්ගලයන් ඇතුළු කළු සල්ලි සහිත පුද්ගලයන් බොහෝ දෙනෙකුටම සිය මුදල් තැන්පත් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙන බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

පසුගිය සතියේදී නිකුත්වුණු මාධ්‍ය වාර්තාවකට අනුවද එම බැංකුව මගින් ආසන්න දශක කිහිපයේදී පවත්වාගෙන ගිය එවැනි ගිරාම් දහස් ගණනකගේ රහසිගත තොරතුරු අනාවරණය කෙරිණි. මෙම විමර්ශනය Suisse Secrets ලෙසින් නම් කෙරේ තිබුණු අතර, එහිදී එම බැංකුවේ ගනුදෙනුකරුවන් ලෙස අපරාධකරුවන්, මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මුදල් විශුද්ධිකරණය කරන, දූෂකයන් ඇතුළුව තවත් බරපතළ අපරාධකරුවන්ගේ නම් සඳහන්ව තිබී ඇත.ඒ අනුව ස්විට්සර්ලන්තයේ බැංකු පද්ධතිය වෙත ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පවතින ප්‍රමිතීන් වෙත නියමාකාරයෙන් දායකත්වයක් දීමට නොහැකි නම් එය ස්විට්සර්ලන්තය වෙත හානිදායක බව යුරෝපියානු මහජන පය පවසයි.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Credit Suisse බැංකුව, ගතවූ කාලසීමාවේදී තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව සඳහන් කරයි. එහිදී මෙම මාධ්‍ය වාර්තා සියල්ලම බැංකුව මගින් පවත්වාගෙන යන ක්‍රමවේදය අනුව සිතමින් සකස් කරගත් තොරතුරු අනුව සම්පාදනය කරවූවක් බවත් බැරකුව පවසයි. යම් ලෙසකින් හෝ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව මගින් ස්විට්සර්ලන්තය මෙලෙස මුදල් විශුද්ධිකරණය යටතේ අසාදු. ලේඛනගත කළහොත් එම පාර්ලිමේත්තුව මගින් එවැනි තීරණයක් ගන්නා පළමු වැනි යුරෝපා රට බවටද එය පත්වනු ඇත. මේ දක්වා ඉරානය, මියන්මාරය, සිරියාව, උතුරු කොරියාව ඇතුළු රටවල් 21ක් එම පාර්ලිමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටත් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබේ. මේ දක්වාම කිසිදු – යුරෝපා රටක් ඊට ඇතුළත්ව නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *