රුසියාව යුක්‍රේන වැසියන් 137ක් බිලි ගනී; සුප්‍රකට චර්නොබිල් (Chernobyl) න්‍යෂ්ටික බලාගාරයද රුසියානු හමුදා අතට

රුසියාව විසින් යුක්‍රේනයට යුද්ධ ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙන් මේ වන විට යුක්‍රේන සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, (පෙබ. 24) දිනයේදී කියෙව් අගනගරය තුළ පිපිරීම් රාශියක් වාර්තා වී ඇති බවය. රාත්‍රියේදී නගරය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආරක්ෂාව සඳහා නගරවාසීන් ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් මධ්‍යයේ භූගත ස්ථානවල රාත්‍රිය ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මේ අතර, ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය සිදුවූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ පාලනය (24) දිනය තුළ රුසියාව විසින් අත්පත් කරගනු ලැබීය.

රුසියානුවන්ට අවශ්‍යව ඇත්තේ යුක්‍රේනය දියකර හැරීමෙන් දේශපාලනික වශයෙන් විනාශ කිරීමට බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

මේ අතර, බ්‍රසල්ස් සිට කැන්බරා දක්වා රුසියාවට නව සම්බාධක පනවා ඇති අතර රුසියාව ආරක්ෂා කිරීමට වෙනත් මාර්ගයක් නොමැති බව පවසමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන ආක්‍රමණය සාධාරණීයකරනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *