හොන්ඩුරාස්හි හිටපු ජනපති අත්අඩංගුවට !

පසුගිය සීතල යුධ සමයේ දකුණු ඇමරිකාවේ ප්‍රගතිශීලි ආණ්ඩුවලට එරෙහිව අළුගෝසුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රකටව සිටි මධ්‍යම ඇමරිකාවේ රටක් වන හොන්ඩුරාස් රාජ්‍යයේ ජනතාව පසුගිය වසරේ නොවැම්බර් 28 වැනිදා එරට පැවති ජනාධිපතිවරණයෙන් සමාජවාදී අපේක්‍ෂිකා Xiomara Castro ජනාධිපතිනිය ලෙස තෝරා ගන්නා ලදී. මෙම තෝරා ගැනීම ඇමරිකාව හා ඒ දක්වා එරට දේශපාලන තීරණයන් සිදුකල ඇමරිකානු බහු ජාතික සමාගම් විසින් අකැමැත්තෙන් හෝ අනුමත කරනු ලබනුයේ හිටපු ජනාධිපතිවරයා වූ Juan Orlando Fernandez දුෂිත පුද්ගලයෙකු මෙන්ම ඇමරිකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඍජු වගඋත්තරකරුවෙකු වීමයි. ඒ අනුව පසුගිය අඟහරුවාදා හොන්ඩුරාස් පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇමරිකානු අධිකරණය වෙත ලබා දීමට නියමිතව ඇත.

මෙම වසරේ ජනවාරි 27 වැනිදා ඇය ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් අවස්ථාවට ඇමරිකානු උප ජනාධිපතිනිය වන කමලා හැරිස්, ස්පාඤ්ඤ රජු Felipe VI සහභාගී වී සිටියහ. උත්සව සභාව ඇමතූ Xiomara Castro වසර ගණනාවක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට ලක් වී, ඩොලර් බිලියන 17ක ණය අර්බුධයක හිර වෙමින් ජනගහණයෙන් 50%ක් අන්ත දරිද්‍රතාවයකින් පීඩාවිඳින ජනතාවක් වෙසෙන හොන්ඩුරාස් රාජ්‍යය තුල සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන බව සපථ කර සිටියාය. සැමටම සමානව සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව හා රැකියා අවස්ථා තහවුරු කරන බව පවසමින් චේගුවේරාගේ සුප්‍රකට සටන් පාථය වන “hasta la victoria siempre” උස් හඬින් හඬඟා කියමින් තම කථාව අවසන් කරනු ලැබුවාය.

තම ප්‍රථම මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති Juan Orlando Fernandez ගේ නිවස වැටලු 600කින් යුත් පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. තවත් මාස තුනක් ඇතුලතදී Juan Orlando Fernandez ඇමරිකාවේ නිව්යෝර්ක් අධිකරණයට භාර දීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *