ගුවන්විදුලි සංස්ථාවේ පියානෝ තුනක් අතුරුදහන්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පියානෝ තුනක් අතුරුදහන් වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් මීට මාස 07කට ඉහතදී ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 17 වෙනිදා අධිකරණයට දන්වා ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් ඉකුත් 2021 ජූලි 1 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තිබූ විදේශීය නිෂ්පාදිත පෞරාණික වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංස්ථාවේ නීති නිලධාරී චම්පා සමන්මලී පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2හි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ අධිකරණයට දැනුම්දී ඇත.

මෙම සිද්ධියේදී සිදුකර ඇති වරද 1982 අංක 12 දරන පොදු දේපළ පනත ප්‍රකාරව සිදුකර ඇති වරදක් බැවින් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *