බැසිල් සහ “කපුටාස් ඉන්ග්‍රීසි”

ලංකාව වගේ පසු යටත් විජිත රටක උසස් අධ්‍යාපනය ඇතුලේ (සහ ඉන් පිටත) අදහස් ප්‍රකාශ කිරීම විශාල ලෙස පස්සට යන්න ඉංග්‍රීසි වරදියි කියන බිය බලපෑවා. ඕකට ඊ. එල්. ටී. කාරයෝ කියන්නේ language anxiety/language phobia කියල. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න ඒ බය නැති කරන්න කවුරුත් මුකුත් කරන්නෙත් නැහැ.

අද අපි බැසිල් කතා කරපු වචනයක් අල්ලගෙන ඉංග්‍රීසි ගැන විනිශ්චයන් දෙනවා. ඒක අළුත් ස්ටෑන්ඩර්ඩ් (භාෂා හැසිරවීමේ ප්‍රමිතියක්) ලෙස පිලිගම්මු කියලත් කියනවා.

හැබැයි විශ්ව විද්‍යාල වල, පාසැල් වල, වෙනත් ආයතන වල ‘කපුටාස් ඉංග්‍රීසි’ නිසා නැති වෙච්ච ජිවිත වලට, උපාධි වලට, ළමයින්ගේ අඳුරු වෙච්ච අනාගතයට අපි වන්දි දෙන්නේ කොහොමද? අපි කොච්චර ‘කපුටාස්’, ‘දෙමලිච්චාස්’, ‘පොල්කිච්චාස්’ වලට වැරදි දාල ඇත් ද? මේ මොහොතෙත් දානවා ඇත් ද?

අනික් අතට එංගලන්තේ ඇමෙරිකාවේ යන්න IELTS/TOEFL කරන කොට ‘කපුටාස් ඉංග්‍රීසි’ එයාල පිළිගනී ද? ලෝකේ අනික් අය අපේ ප්‍රමිතිය පිළිගනී ද? අපේ ගෑස් වල, පෙට්‍රල් වල ප්‍රමිතිය වගේ එකක් ලෝකෙටම හරි යයි ද?

මේක තමයි පැරඩොක්ස් එක.

කොහොමත් මේ සාකච්චාව ආයෙත් ඉස්මතු වෙලා ආපු එක නම් හොඳයි. හැම විකෘතියක් පිටිපස්සෙම යම් විප්ලවයක් තියනවා.

-aithiya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *