බ්‍රසීලයේ අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා මරණ 136ක් දක්වා ඉහළට

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප්‍රාන්තයේ පෙට්‍රොපොලිස් නගරයට බලපෑ අධික වර්ෂාපතනය සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 136ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 213දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි.

සිකුරාදා උදෑසන වනවිට පුද්ගලයින් 24 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 967දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

ඇති වූ ගංවතුර සහ නායයෑම් මෑත ඉතිහාසය තුළ එරටට බලපෑ දරුණුතම ස්වභාවික විපතක් ලෙස සැලකෙන අතර, මෙය පෙට්‍රොපොලිස් හි 1932 සිට වාර්තා වූ අධිකම වර්ෂාපතනය ලෙසද සටහන්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *