ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ හිමියන් මහත් කරදරයක

ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට  ද  අහිතකර බලපෑම් එල්ල වී ඇති බවට, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට ද යාමට සිදුව ඇති බවයි.

ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

බස් රථ කර්මාන්තකරුවන් මෙන්ම ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන පිරිස් ද ඉන්ධන හිඟය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවක් බවට සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සදහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *