මාස 6ක් වයසැති ළදරුවන් පවා එන්නත්කරණය කල ලොව ප්‍රථම රට – කියුබාව

කිසිදු රටක ණය ආධාර මත පදනම් නොවී තමන්ගේම රට තුල එන්නත් වර්ග 5ක් නිෂ්පාදනය කරගනිමින් තම රටේ ජනගහනයෙන් 95%ක් එන්නත්කරණය සිදු කර අවසාන කරලීමට සමත් වීම ලෝකයේ දියුණුවෙමින් පවතින රටවලට පමණක් නොව කොරෝනා වසංගතය හේතුවෙන් හතර ගාතෙන් ඇදවැටුණු දියුණු රටවලට පවා වැදගත් පණිවිඩයක් ලබා දීමට කියුබාව සමත් වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර පෙන්වා දෙන අතරම එහිදී වයස මාස 6 සිට අවුරුදු 4 දක්වා දරුවන් පවා එන්නත්කරණය කරන ලද ලොව ප්‍රථම රට ලෙස කියුබාව පත් වී ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානයද වාර්තා කර සිටි.

2021 සැප්තැම්බර් 3 වැනිදා සිට වයස අවුරුදු 2-18 දක්වා දරුවන් සියළු දෙනා එන්නත්කරණය සිදු කොට අවසන් බව බ්‍රිතාන්‍යයේ පලවන The gardian පුවත්පතද තවත් වාර්තාවකින් පවසා සිටි. කොරෝනා නවතම ප්‍රබේදය වන ඔමික්‍රෝන් වැළඳී ඇත්තේ පසුගිය දින 7 ඇතුලත පුද්ගලයින් ලක්‍ෂයකින් 160 දෙනෙකුට පමණක් වන අතර යුරෝපයට සාපේක්‍ෂව එය ඉතා අඩු ප්‍රතිශතයක් වන අතර මෙම ප්‍රථිපලය කියුබානු එන්නත්හි කාර්යක්‍ෂමතාවය මනාව පිළිබිඹු කිරීමක් ලෙස The gardian පුවත්පත් වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

කියුබානු Abdala එන්නතෙහි නිර්මාර්තෘ Dr. Gerardo Guillén මාධ්‍ය වෙත පවසා සිටිනුයේ කුඩා දරුවන් වෛරසය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන මෙවලමක් වූ නිසා කොරෝනා වෛරසය පරාජය කිරීමේ මුලික උපක්‍රමයක් ලෙස කුඩා දරුවන්ට ප්‍රථමයෙන්ම එන්නත් ලබා දුන් බවය. Soberana 2 et Soberana එන්නත් මගින් කිසිදු අතුරු ආබාධයක් මේ දක්වා වාර්තා වී නොමැති බව එම එන්නත් වල ඇති කාර්යක්‍ෂමතාවය සම්බන්ධයෙන් ඇමරිකාවේ George Washington විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jon K. Andrus විසින් පලකල අදහසක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පවසා සිටියේය. අදාළ මහාචාර්යවරයා නිසි කාලයක් ලබා නොගෙන හා අතුරු ආබාධ සම්බන්ධයෙන් අවධානයක් මතු නොකර කියුබාවේ කුඩා දරුවන් එන්නත්කරණය විවේචනයට ලක්කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *