වැදගත් ලිපි තොගයක් පානදුර වැටකෙයියා පඳුරක විසි කරලා

පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීය දී (10)වන දින පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.

ස්වර්ණාභරණ උකස්කිරීම, විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීම් ලිපි, විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු වැදගත් ලිපි 99 ක් මෙහිදී පොලීසිය සොයාගනු ලැබීය .

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍ රීකුසුම්සිරි සිල්වා මහතා ලිපි තොගය දැක පින්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටකෙයියා පඳුරක් අසල තිබූලිපිසිය භාරයට ගෙන ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර තැපැල් ස්ථානාධිපතිනි එන්.ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවාය

එතන වැදගත් ලිපි නැහැ. ඒ දිනවල පෝස්ට්මන් කෙනෙක් නැතිව කම්කරුවන් දාලයි ලිපි බෙදුවේ. ඒ නිසා කවුරුන් අතින් උනාද කියලා සොයාගන්න අපහසුයි. පොලිසියේ දැනුම් දීමට අනුව නිලධාරීන් දෙදෙනෙකු යැව්වා. අපේ විමර්ශන කණ්ඩායමට මේ ගැන දැනුම් දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *