සෞදි දේශසීමාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 12 කට තුවාල

සෞදි අරාබියේ යේමන දේශසීමා ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි-යේමන දේශසීමා ආසන්නයේ අබා ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

හවුති කැරලිකරුවන් විසින් එල්ල කළ මෙම ප්‍රහාරය ව්‍යවර්ථ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වී ඇති අතර එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් මෙම පුද්ගලයන් තුවාල ලබා තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින අතර මීට අමතරව සෞදි ජාතිකයන් මෙන්ම, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය හා පිලිපීන ජාතිකයන්ද තුවාලකරුවන් අතර සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *