රිෂාඩ්ට සහ බිරිඳට රට යන්න අවසර දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට (09)වන දින අවසර ලබාදුන්නාය.

මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිලිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුනට විදෙස් ගමන් තහනම් කර තිබුණි.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගීවීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *