(VIDEO) මාව ඝාතනය කිරීමට, කරුනාට වඩා උවමනාන තිබුනේ රාජපක්ෂ රෙජිමයට – අජිත් ධර්මදාස

ලංකාවේ හොඳම රථවාහන පොලිස් පරීක්ෂක ලෙස 2008දී තේරී පත් වුණු අජිත් ධර්මදාස, ජීවිත ආරක්ෂාව පතා තමා බ්‍රිතාන්‍යයට පලා ආ බවත්, තමන්ව ඝාතනය කිරීමට එවකට LTTE සංවිධානයේ නායකයෙකුව සිටි කරුණා අම්මාන්ටත් වඩා රාජපක්ෂ රෙජිමයට වුවමනාවක් තිබූ බවට, චමුදිත සමරවික්‍රම පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවට ප්‍රකාශ කර තිබේ.

හිටපු පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මහනුවර රථ වාහන පොලිසියේ ස්ථානාධිපතිව සිටි සමයේ මහින්ද රාජපක්ෂගේ නැන්දනියට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ රියදුරු බලපත්‍රය නොමැති හමුදා සොල්දාදුවෙකු සිදුකළ අනතුරක් සම්බන්ධයෙන් රාජකාරිය කිරීම නිසා ජීවිතයට තර්ජනයක් එල්ල වූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *