මෙවර අලුත් අවුරුද්ද සමරන්න ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය සහන ලබාගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් සහ ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීම සඳහා දැනමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.

මෙහිදී ඉන්දියාවෙන් ලැබෙන ණය සහන යටතේ අල, ළූණු, පරිප්පු සහ ඖෂධ ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ණය සහන යටතේ පරිප්පු සහ බාර්ලි යනාදිය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම ණය සහන ඔස්සේ සිදුකෙරෙන ආනයන මෙරටට මාස හයක කාලයක් සඳහා ප්‍රමාණවත් වෙතැයි සැලකෙන අතර එම ණය මාසික ගෙවීම් වාරික වශයෙන් ගෙවාදැමීමට සැලසුම් කෙරෙන බවත් වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *