ඔස්ට්‍රියාව කොවිඩ්-19 එන්නත් අනිවාර්ය කරයි – නැත්නම් දඩ මුදලක්

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ. පසුගිය සතිදෙක තුළ රට තුළ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 30,000ක් පමණ ඉහළ ගොස් තිබේ.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රියාවේ නව ආසාදිතයන් 32,258ක් වාර්තා කිරීමත් සමග සෙනසුරාදා මිලියන 2ක සීමාව ඉක්මවා ගියේය.ඉතා බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රියාව මෑතක දී කොවිඩ්-19 ආසාදනවල වැඩිවීමක් දැක තිබේ.

සෙනසුරාදා සිට ඔස්ට්‍රියාවේ කොවිඩ්-19 එන්නත් විධානය ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව කොවිඩ්-19 එන්නත් ලබාගැනීම දැන් රටේ සියලුම වැඩිහිටියන්ට අනිවාර්ය කර ඇති අතර, ඊට අනුකූල නොවන්නන්ට දඩ මුදලක් පමුණුවන බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *