(Video) යාපනය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය වටලයි! ඩග්ලස්ගේ පැමිණීම නිසා නොසන්සුන්තාවයක්!

යාපනය දිස්ත්‍රික් මහ ලේකම් කාර්‍යලය වටලා අද දින ධීවරයින් පවත්වාගෙන යන උද්ඝෝෂණයට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැමිණීම හේතුවෙන් නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

මේ අතරතුර ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ඇතුළුවන ඉන්දියානු බෝට්ටු ස්ථිර වශයෙන්ම නතර කිරීමට කටයුතු කරන බවට ලිඛිත නියෝගයක් නිකුත් කළ යුතු යැයි ධීවරයන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ලිඛිත නියෝගයක් ලබා දිය නොහැකි බවත් තමාට වාචිකව නියෝගය ලබා දිය හැකි බවත් පැවසීමෙන් අනතුරුව එහි නොසන්සුන්තාක් ඇති විය.

ඉන් අනතුරුව උද්ඝෝෂණ ස්ථානයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නික්ම ගියද ධීවරයින් සටන අඛණ්ඩව සිදු කරමින් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *