Type to search

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබනෙ අතර, ඔහු මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඒ අනුව එළඹෙන ඉන්දියානු සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව සුරංග ලක්මාල් දැනුම්දී තිබේ.

සුරංග ලක්මාල් මේ දක්වා ටෙස්ට් තරග 68ක් එක්දින තරග 86ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර එහිදී ඔහු ටෙස්ට් කඩුලු 168ක් ලබාගෙන ඇත.

“මව්බිමට ගෞරවයක් රැගෙන ඒම සඳහා මා කෙරෙහි විශ්වාසය තබමින් අවස්ථාව ලබාදීම සම්බන්ධව මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරමින් ඔහු පවසා තිබුණි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *