ජනවාරියේ සංචාරකයන් 82,327 ලංකාවට පැමිණ ඇත

ජනවාරි මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනවාරි මාසයේදී දෛනිකව 2000 – 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 5 වැනිදා වන අතර, එදින මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි.

ජනවාරි මාසය තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 13,478 ක්, ඉන්දියාවෙන් 11,751 ක්, යුක්රේනයෙන් 7,774 ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනෙකු පැමිණ තිබේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *