රු. කෝටි 350 හෙරොයින් ජාවාරමේ සැකකරුවන් 12 ක් රිමාන්ඩ්, 5ක් නිදහස් කරයි

පසුගිය දා රුපියල් කෝටි 350 කට අධික මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා අතරින් සැකකුරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර, ඉතිරි සැකකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
හෙරොයින් ක්‍රිලෝගෑම් 350 කට අධික තොගයක් සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට පතවූයේ, පසුගිය (24) වැනිදායි. අත්අඩංගුවට ගත් එම ටෝලර් යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ, මාතර කුඩාවැල්ල ධීවර වරායෙනි.
පසුව අනාවරණය වී තිබුණේ, හෙරොයින් ජාවාරම ඩුබායිහි සිටින හරක්කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද්දක් බවටයි.