පකිස්ථානයේ රන් පදක්කම් දිනූ ගනේශ් ඉන්දුකාදේවිට යාපනයේ උපහාර

පාකිස්ථානයේ පැවති ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියේ රන් පදක්කම් දිනූ ගනේෂ් ඉන්දුකාදේවි වෙනුවෙන් උපහාර උත්සවයක් අද දින යාපනයේදී පැවැත්විණි.

කච්චේරිය නල්ලූර් වීදියේ පිහිටි YMCA ශාලාවේදී ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ගනේශ් ඉන්දුකාදේවිට සලු පොරවා පදක්කම් සහ තෑගි පිරිනමා ගෞරව උපහාර දැක්වීය.

මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් ඇතුළු බොහෝ අය සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *