ඩොලර් හිඟයෙන් කොළඹ වරාය දැඩි අවදානමක! අන්තරාදායක භාන්ඩ ගොඩගැසෙයි!

වත්මන් ඩොලර් හිඟය මධ්‍යයේ  භාණ්ඩ නිදහස් කරගැනීමේ ප්‍රමාදය තුළ “අන්තරාදායක” යැයි වර්ගීකරණය කළ භාණ්ඩ ගොඩගැසී තිබීම නිසා කොළඹ වරාය දැඩි අවදානමකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

මෙම අන්තරාදායක භාණ්ඩ අතර, විවිධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වහාගිනිගෙන දැවෙන ද්‍රව ආදී භාණ්ඩ ඇතුළත් බවට සඳහන්.

මෙම ඇතැම් අන්තරාදායක භාණ්ඩ සති 08 කට ආසන්න කාලයක් මුළුල්ලේ වරාය තුළ ගොඩගසා ඇති බව ද වාර්තා වේ. විද්වතුන් පෙන්වා දෙන්නේ වහාගිනිගෙන දැවෙන මෙවන් භාණ්ඩ උණුසුම් ගබඩා තත්ත්ව යටතේ අධික පැය ගණන් ගබඩා කර තැබීම බොහෝ සෙයින් අවදානම්කාරී බවත්, මෙවන් වහාගිනිගෙන දැවෙන හා අන්තරාදායක කාණ්ඩයට ඇතුළත් වන භාණ්ඩ සාමාන්‍යයෙන් ගොඩබෑමේ සිට පැය 24 – 48 අතර කාලයක් තුළ නිදහස් කර ගත යුතු අතර,මෙසේ සති 08 කට ආසන්න කාලයක් මුළුල්ලේ එවන් භාණ්ඩ වරාය තුළ ගොඩගැසී තිබීම මඟින් ජීවිත අවදානම් පවා ඇතිකිරීමට ඉඩතිබෙන බවත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *