(VIDEO) NPP ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි මැරයින් අත්අඩංගුවට! ඇවන්ගාඩ් සම්බන්ධයකුත් වමාරයි!

ජාතික ජන බලවේගයේ (30)වන දින පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි මැර පිරිසක් එම සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ.

අත්අඩංගුවට පත් දෙදෙනා සියලු කරුණු පාපොච්ඡාරනය කර ඇති අතර,එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මෙලෙස එවා තිබෙන්නේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් බවයි. එමෙන්ම මොවුන්ගේ ජංගම දුරකථවලින් හමු වී ඇති ඡායාරූප අනුව ඔවුන් ඇවන්ගාඩ් ආයතනයට අනුබද්ද ආරක්ෂක සේවාවන් හි නිරතව සිටින පුද්ගලියන් බවද ඔවුන් විශ්‍රාමික හමුදා සාමාජිකයන් බවයි.

සමුළුවට බිත්තර ප්‍රහාර එල්ල කිරීම සඳහා එක් අයෙකුට රුපියල් 5000ක මුදලක් ලබා දුන් බවත්, එමෙන්ම පසුගිය 19වනදා මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා පැවැත්වූ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි විකිනීම ඇතුළු ජනතා දේපල විකිණීමට එරෙහිව පැවති විරෝධතා පාගමණට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමටද පැමිණ ඇත්තේ මෙම පිරිසම බවත් ඔවුන් එහිදී පිළිගෙන ඇත.

මෙලෙස ජාතික ජන බලවේගයේ ජනතා ඒකරාෂීවීම් අවස්ථාවලදී සංවිධානාත්මකව බිත්තර ප්‍රහාර එල්ල කර එය පොදු ජනතාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බව හුවා දැක්වීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *