(VIDEO) මේ ආණ්ඩුව කරන හැමදේකටම ආණ්ඩුවේ හැමෝම වගකියන්න ඕන! ඒකෙන් මඟහරින්න කාටවත් බැහැ! – නාමල්

වත්මන් ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා නිදහස් – පොදුජන සන්ධානයේ සෑම පක්ෂයකටම වගකීමක් ඇති අතර ඔවුන්ට එයින් මඟහැරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, (30)වන දින පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ප්‍රකාශකර සිටියේය.

ඔහු තවදුරටත්,

“සමහර සන්ධාන පාර්ශ්වයන් තනි තනියෙන් රැස්වීම් තියනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ, ඒක ඒ අයගේ වුවමනාව. මොකද ඒ අයත් දේශපාලනය කරන්න ඕනෙ. හැබැයි බොහෝ වෙලාවට ඒ අය උත්සාහ කරනවා මේ ආණ්ඩුව කරන ඒවාට අපි සම්බන්ධ නෑ කියන්න. ආණ්ඩුව කරන ඒවාට ඒ අය සම්බන්ධ නෑ කියන්න. හැබැයි අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැමදේකටම මේ සන්ධානයේ හැමදෙනාම වගකියන්න ඕනෙ. එක පාර්ශ්වයකට බෑ, තමන් මේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියාට තමන් මේකට අදාළ නෑ කියන්න. සාමුහික වගකීමක් තියෙනවා. ඒ හින්දා වෙන වෙනම රැස්වීම් තිබ්බත් අපි මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන එකේ වගකීම ඒ අයට තියෙනවා, ඒ වගේම පාසල් 1000 ජාතික පාසල් වගකීමත් ඒ අයට තියෙනවා, ඒ වගේම ක්‍රීඩා පිට්ටනි හදන එකේ වගකීමත් ඒ අයට තියෙනවා, කාබනික පොහොර එකේ වගකීමත් ඒ අයට තියෙනවා. ඒ හින්දා ඒ අයට ඒ වගකීම්වලින් පැහැර හරින්න බෑ කියන එකත් මතක් කරන්න ඕනෙ” යනුවෙන් අවධාරණය කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *